Friday, August 3, 2012

විසිරුණු සුළං VIII


              දිනූ සහ මම වෙරළේ ඈත කොනක වාඩිවී සිටී. ඈ දෑස පියාගෙන, මගේ උරහිස මත හිස තබාගෙන මගේ වම් අතින් අල්ලාගෙන ඇඟිලි නවන්නට උත්සාහ කරයි. එයට මා ඉඩ නොදෙන්නේ කුමකටද. මා ද ඇගේ ආදරණීය හුරතලයට ඉඩදී බලා සිටියෙමි. ඇගේ රීබොන්ඩ් කරන ලද අලංකාර වරලස මගේ මුහුනේ දඟ කරයි. ඒ කෙහෙ‍රැල් සහ ඇගේ මුහුණෙන් හැමූ සුවඳ මට කිසිදා අමතක නොවේයැයි හැඟේ. ඇගේ ස්පර්ශයෙන් පිබිදුනු මා ඈ දෙස බැලීය. ඈ තවමත් මගේ උරහිසේ හිස තබාගෙන සිටී. මා දකුණු අතින් ඇගේ වරලස පීරන්නට තැත් කලේය.




                            මගේ ඇඟිලි තුඩු ඇගේ වරලස තුලින් යද්දී ඈ තවත් මට ලංවිය. එක්වරම ඈ ඇස් අරින ලදී. ඈ මගේ මුහුණ දෙස බලාසිටින්නීය. ඇස් කියවන්නට තැත් කරනවාදෝ මට සිතුණි. නමුත් අප දෙදෙනා එකදු වචනයක් හෝ කතා නොකළේය. මෙසේ ටික වේලාවක් ගතවිය. එක්වරම ඈ මට තුරුළු විය. මුළු ලොවම මා සමීපයේ ඇතැයි මට හැඟුණි. ඇගෙන් ලැබෙනා ආදරය කෙතරම්දෝ කීමට මේ තුන්ලෝකයේම මට ප්‍රාමාණිකයක් සොයාගැනීමට නොහැක.

මොකද බං උඹට වෙලා තියෙන්නෙ. ඇයි ඔහොම අප්සට් එකේ ඉන්නෙ.

                            මා ලඟට පැමිණි චාමික විමසීය. මා සිටියේ මෙලොවින් පිටත බව මට වැටහුනේ එවිටය. දුරකථනය අතට ගත් මා එදෙස බැලීය. වෙලාව දහවල් 1.47ය. අප සිටිනුයේ ගල්කිස්ස මුහුදුවෙරළේය. මෙලොවෙන් පිට ලොවක අතරමං වූ මා දැන් සිටින්නේ ඒ ලොවට මා පිවිස බොහෝ කාලයකට පසුව බව මට මතක් විය. අද 2012 ජූලි 29 වෙනිදාය. අද අපි ගල්කිස්සට ආවේ චාමිකගේ පාටියක් සඳහාය.

මොකද බං උඹ ඔහොම අප්සට් එකේ ඉන්නෙ. ආහ්. ඔහු ආයෙත් මගෙන් විමසීය. 


මචං. මම උඹට දෙයක් කියන්නද? මං කිසිම කෙනෙකුට කියපු නැති දෙයක්. 

මොකක්ද ඔය කියන්න යන්නෙ. ඕන දෙයක් කියහං. මං ඉතිං ලබන සතියෙ ඉඳන් නෑනෙ බං. ඕනදෙයක් කියහං. 
 ලබන සතියේ සිට ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සඳහා යාමට නියමිතය. අද සාදය ද ඒ සඳහාය.

පාටිය ඉවරවෙලා කියන්නම් මචං. 
 හ්ම්ම්. හරි.

                            steam boat හී දි දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අප මුහුදු වෙරලේ වාඩිවී සිටියෙමු. ඇතමෙක් පිස්සුවක් කෙලීමට ඕනෑ යැයි කියමින් හතර වටේ ඇවිද්දේය. චාමික මා අසලට පැමිණ වාඩිවිය. හරි. දැන් කියපං කතාව.




                            සියල්ල ඇරඹුනේ එදින මා ඈට බැනවැදුනු දිනයේය. එදින මා ඈට සැබවින්ම සිදුකලේ බැනවැදීමක් නොවේ. ඇගේ ඩයග්‍රමයේ වරදක් පෙන්වාදීමකි. 


දිනූට බැන්න නේද? අන්න කෙල්ල අඬනව.

                       ශැරොන් මට එක්වරම බැනවැදුනු හැටි මට මතක්විය. එදින මා මගේ ඉවසීම පවත්වාගෙන ඔව් බැන්නා යැයි කිව්වානම් යැයි මට අද හැඟේ. නමුත් ඒ වෙලාවේ මා හිත ඕනෑවට වඩා උණුවීයැයි මට හැඟුණි.

 Dineth Gamage
       apo
       eki kelam mallak ne

 Menu Peiris
       ai apooo... paw dinu aduwa dr... oya eyata hamoma issaraha
       mokak hari1kata waradi katawak kiwwada

 Dineth Gamage
       anduwa
       mama call karala ahannada?
       oya boru kiyanne

  Menu Peiris
       mother promise!!!! aduwa cl kara kara
 
  Dineth Gamage
       hari ekakata waradi kathwak
       eke mokakada hari

  Menu Peiris
       mokak?

  Dineth Gamage
       bannata mama ekata lakunu dunna ne
       w . eki andala thibba eke mokakda hari
       waradi kiwwe ai kiyalath ahanawa thawa?

  Menu Peiris
        mama ewa dan na... mama eka dan na ane.. kawada oyalage   sir
       kenekmai adala dila tiyenne.. dinu eka balagena karala
       tiyenne... hamogema ewa hari kiwwalu.. a lamayage 1 waradi
       kiwwalu... pirimi lamai wagayak hina wela... paw wade.. ayt clz
       yannet na kiyala

 Dineth Gamage
       mama ahannada eyagen?
       affata siri

 Menu Peiris
       ahanna.......
       paw haloooooo
       kata wada karanna epa


 Dineth Gamage
       mama ehemnm butter parak gaaaannm


               දිනූව ශේප් කරගැනීමට යැයි සිතා sms එකක් යැවීමට මා සිතාගත්තේ එවෙලේය. විශේෂයෙන්ම හවස පන්තියට නවතින ඈ එදින නැවතුනේ නැත්තේද එනිසා යැයි මට හැඟුණි. ඈ ඉදිරියට පන්ති නොපැමිණෙනු ඇතැයි මේනු කී කතාවද මා හට ක‍ටු අනින්නාක් මෙන් විය. නමුත් කුමක් කියා ඈ වෙත sms එකක් යවන්නදෝ මා හට නොතේරුණි. ඒ අතරතුර මා සිටිනුයේ තවමත් මේනු සමග සංවාදයේය.

Menu Peiris
        ane man dan na
        apoooooooo ai oya dinu ekka ochchara taraha? eya oyata mokadda kare? paw nadda?
 

 Dineth Gamage 
         dan kiwwe deiyane. waradi nisa waradiy kiwwa
        wena tharahak na
 

Menu Peiris
        a unata oya hariyata kata karanne dinu oyata mokak hari kara wagene
        oya anit lamainta ehema karala nahane
 

 Dineth Gamage 
        oya kohomada affa ochchara dewal dannne
        nikan clz eke innawa wage ne kathawa

 
 Menu Peiris
        ehema tama... hari??????????
        apita oya hama taninma roiter news enawa harida?

                  ඈ මෙපමණ දේවල් දන්නේ කෙසේදැයි මා හට එදින සැක හිතුණි. එහෙත් ඒ සැකය එදින මගේ හිතේ උඩුදිව්වේ නැත්තේ දිනූ අඬනවායැයි යන හැඟීම හිත තුල මුල්බැහැගත් නිසා විය යුතුය.




                  දිනූට යවන්නට අවශ්‍ය මැසේජය විනාඩි 20ක් පමණ ගතකොට ලියන්නට මා හට හැකිවිය. ලඳ බොලඳ වචන දමා මැසේජ් කිරීම එකල මට පුරුදු නැත. විශේෂයෙන් අඬන ගෑනුලමයෙකු නලවා මට කිසිදු පලපුරුද්දක් තිබුනේ නැත.


" oya gedara gihin anduwada? mama clz ekedi banne na ne. hawasa class ekata hitiye naththeth ekada? waraddak nam wune sorry dinu..."

                  විනාඩි දෙකකින් පමණ මා හට reply එකක් පැමිණියේය,


"its ok sir. dan eka mathaka na. menu akki da kiwwe. "


                  මා ඉගැන්වීම වලින් බාහිරව ඈ සමග දෙයක් කතාකරේ පලමු වරයට. තවත් මැසේජ් 3-4කින් කතාව අවසන් කිරීමට මා හට හැකිවිය. නමුත් එදින මා තුල ඈ පිළිබඳව හටගත් හැඟුම විස්තර කිරීමට අදටත් මට නොහැකි බව මා දනී.

                  මේනුගේ හා මගේ සංවාදය නැවතී දැන් පැය පමණ ගතවී තිබුණි. ෆේස්බුකියෙන් ලොගවුට් වීමට සිතා මා සිතුවෙමි. නමුත් එක් වරම 'බ්ලිප්' ලෙස ශබ්දයක් ඇසුණි. ඒ ෆේස්බුක් චැට් එකේ ශබ්දයයි. මා ඒ කවුරුන්දැයි බලන ලදී. දිනූගේ නම හඳුනාගැනීමට මට වැඩි වේලාවක් ගියේ නැත.

Imesha Aththanayaka
     hy

Dineth Gamage
    hi
    gedara gihin sirawtama anduwada??? :O
    akka kiwwa mama banna kiyala gedara gihin ganga galuwa wage anduwa kiyala   

Imesha Aththanayaka
    eyawa mama balagannam. on nathi magulak na eyata


             උඹටත් මරු වැඩනෙ බං වෙන්නෙ.චාමික එක් වරම සිනාසුනේය. මටද සිහින් සිනාවක් නැගුණි. එහෙත් එය නොපහන් හැඟුමක් පුබුදුවීම යටපත් කරගත් ව්‍යාජ එකක් බව දන්නෙ මා පමණි.


                  අඩෝ. බොමුද? සතා මා ගාවට පැමිණ විමසීය. හ්ම්ම්. එල. මා වෙරලෙන් නැගීසිටියේය. අතීතයේ මා කට ඇර පෙව්වද බොන්නේ නැතැයි කියා සිටි පුද්ගලයෙකි. නමුදු දිනූගේ කතාවෙන් පසු එය මට සුළු දෙයක් බවට පත්විය. 


හ්ම්ම්. එහෙනම් එතනට යමන්කො. එතනට ගිහිල්ලම කියපං ඉතුරුටික
                  
                   චාමිකද මා පසුපසින් පැමිණියේය. ඒ පියවර තබන අතර තුර මහමුහුද දෙස බැලූ මට එය මහා පාලු දුපතක් සේ දිස්විය. ඒ අතරින්ද මට දක්නට ලැබුනේ දිනූගේ රූපයයි. අසල තිබූ තැඹිලි කඩයක දමා තිබූ රේඩියෝවක ගීතයක් වාදනය අතුරින් අප තිදෙනා නැවතත් steam boat වෙත පියමැන්නෙමු.

මියුරු කල්පනා - නෙතක දැල්වුනා
අමයුරු රස රසකැන් මැද 
සිතක් හිනැහුනා
වරෙක නැලවුනා - වරෙක ලතැවුනා 
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා



12 comments:

  1. ඔහොම යමන්කෝ බලන්න.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උම්මා උම්මා.. මට හැමදාම රාජසම්පත් :P

      Delete
  2. අදෝ කත බොලු කීවත් අත බොලු කීන් නෑ ටඩියෝ,ඩන්නෝ ඩනිති...

    ReplyDelete
    Replies
    1. දැන් දෙකම බොරු කිව්ව. තෑන්ක්ස් ආහ් වැ‍රැද්ද පෙන්නුවට

      Delete
    2. එනි තයිම් ටඩියෝ එනි තයිම්

      Delete
  3. :) :)
    බලමු මොකද වෙන්නේ කියලා

    ReplyDelete
  4. ඇඩෝ ජංගි නිසා මත්පැං බීම මං අනුමත නොකරමි ඈ..

    ReplyDelete
  5. koheda boralu ayye gihin hitiye.......onna itiri kotasa ikmanata liyanna hode.nattam me kathawa mata amathaka wei.......... :)

    ReplyDelete
  6. අනේ මන්ද බං. අනුමත වුනානෙ

    ReplyDelete
  7. අනේ සොරි අරලියා නගා. දැන් ඉක්මනට ලියනව. පොඩ්ඩක් busy වුනා

    ReplyDelete
  8. ඔබටත් අප හා එක්විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete