Wednesday, July 4, 2012

විසිරුණු සුළං II

පලවෙනි සුලඟ වැදුනෙ නැත්තං මෙතනින් කියවන්න 


                  කම්මැලි කම පෙරදැඩි කොටගෙන ඔපීසියට යන විට ඔපීසිය හිස් ය. වැහිබර කාලගුණයෙන් හටගත් ඈලි මෑලි බව නිසා කීපවාරයක් මට ඈනුම් ගියේය. ඔපීසිය තුලට යනවිට ඉතිරි සියලුදෙනා උදෑසන කෑම ගැනීමට ලන්ච් රූම් එකේය. මා පැමිණියේ උදෑසන ආහාරය අනුභව කොට බැවින් තිබූ පු‍ටුවේ කකුල් දෙක දිගහැර ඉඳගත්තෙමි. අතීතය කෙබඳුද? ඉදිරිය කෙබඳුද? මේ සියලු ප්‍රශ්න මගේ ඉදිරිපිට දිගහැරුණි.        


                  දිනෙත් සුභාෂන ගමගේ යන උප්පැන්න නම සහිතව මෙලොව එලිය දු‍ටු මා දැනට වයස 21ක තරුණයෙකි. පහවසර දක්වා එක් පාසලකින්ද ඉන් පසු ශිෂ්‍යත්වය සමත් වී තවත් පාසලකින්ද අධ්‍යාපනය ලැබුවෙමි. උසස් පෙල සඳහා ජීව විද්‍යාව හා ගණිතය විෂය ධාරා අතර දෝලනය වෙමින් තිබූ මගේ සිතට අවසානයේ දෙමාපිය තීරණයද එකතු කොටගෙන ජීව විද්‍යාව හැදෑරීමට සිදුවිය.


                 වසර දෙකකට වඩා අධ්‍යාපනය ලබා අවසානයේ විභාගයට මූණදී ප්‍රතිඵල එන දිනයේ ලැබූ ප්‍රතිපල මගේ හිත වඩාත් චංචල කලේය. එය හරියට ෆෑන් එකේ හුළඟ උහුලන්නට බැරි කෙනෙකු කුණා‍ටුවකට අහුවුනාක් මෙන්ය. ලැබූ ප්‍රතිඵල වූයේ සී  දෙකක් සහ ඇෆ් එකකි.  මා ජීව විද්‍යාව අසමත් වී ඇත. සියලු දෙනා ලේසියි කියනා, මට වහ කදුරු මෙන් වූ විෂය මා අසමත් වූ බැවින් දෙවන වරද උසස්පෙල සඳහා පෙනී සිටියෙමි.එවර ඊට වඩා දුක්ඛ සහගත විය. එවර බී සාමාර්ථ දෙකක් සමගින් පෙර සේම ජීව විද්‍යාව අසමත් වී ඇත. 
           
                  එහෙත් දෙවන වර විභාගයට පෙනී සිටීමෙන් පසු මා පරිගණක ඉංජිනේරු ශිල්පය හැදෑරීම සඳහා පෞද්ගලික පන්තියකට පිය නැගුවේ පරිගණක තාක්ෂනය සඳහා හිතේ තිබූ ඇල්ම පෙරදැඩිකොටගෙනය. ජීව විද්‍යා පන්තිය කිසිදු හෙතුවකින් තොරව වුවද 60%කට වඩා මගහැරි මා කිසිදු හේතුවක් පෙර‍ටුකොටගෙන මේ පරිගණක පන්තිය අතපසු කරේ නැත. එබැවින් ඩොට් නෙට් ෆ්‍රේම්වර්කය තුල මා හපනෙක් නොහොත් අති දක්ෂයෙක් විය.

                 මා තුල වූ සියලු හැකියාවන් සහ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හැදෑරීමෙන් ලද පරිපූර්ණ තර්කණ හා සිතීමේ හැකියාවන් සියල්ල මේ උදෙසා මා කරළියට ගෙනාවේය. මා එතුල කොතෙක් පරිපූර්ණ වීද යත් මා හට එම ආයතනයේම ගුරුවරයෙකු ලෙස වැඩකීරීමට අවස්ථාව ලැබුණි. සියල්ල පටන් ගත්තේ එහිදීය. ඩොට් නෙට් ෆ්‍රේම්වර්කය මගින් මගේ ජීවිත ෆ්‍රේම්වර්කය නිර්මාණය කරනු ඇතැයි මා කිසිදා සිතුවේ නැත.

                  වේලාව උදෑසන 8ට පමණ වී ඇතැයි පරිගණකයේ ඔරලෝසුව දෙස බැලූ මට පෙනීගියේය. පන්තිය පටන් ගැනීමට වේලාව හරිය. පු‍ටුවෙන් නැගිට කමිසයේ ‍රැලි පිසදූ මා පන්තිය තුලට යාමට ඔපීසියෙන් එලියට ආවෙමි. පෙරදිනයේ මෙන් අද හිතේ චකිතයක් නොමැත. මා එකවරම දොර ඇරගෙන පන්තිය තුලට ගියෙමි. කට්ටියම නව ගුරුවරයා දැක බිරන්තට්‍ටු විය. ශබ්ද කිරීම නවතා වේදිකාව දෙසට නෙත යොමුවේය.

                  මා හට මතක් වූයේ දෙයියාගේ රසායන විද්‍යා පන්තියයි. සැමදා උදෑසන පන්තියට පැමිණි විගස දෙයියාගේ නියමිත වැඩ පිලිවෙලක් ඇත. එනම් ලේන්සුවකින් මයික්‍රෆෝනය පිසදමමින් සද්ද කර ආ..යුබෝවන් කීමයි. මට එවැන්නක් කිරීමට අවශ්‍ය විය. නමුත් සූදානමක් නොමැති නිසා කිරීමට කිසිවක් නොමැත. සාක්කුව ඇල්ලූ විට මාගෙ ලට්ට ලොට්ට ගැජ්ට් කීපයක් ඇති බව දැනුනි. මා සාක්කුවේ තිබූ සියල්ල එලියට ගෙන මේසය උඩින් තැබීමී. දුරකථන යුගලයක්, බ්ලූටූත් හැන්ඩ්‍ෆ්‍රීය හා පෙන් ඩ්‍රයිව් යුගල්ය ඒ අතර විය. මා නිකන් ගැජට් මිනිහා වගේ කියා කිසිවෙකුට හිතුනාදෝ නොදනී. කමක් නැත. මා පාඩම පටන් ගත්තෙමි. හරි. මගේ නම දන්නවද? නැද්ද? එහෙනම් දන්න කෙනෙක්ගෙන් අහගන්න. මා හීන් හිනාවක් දැමීය. නමුත් සැර ගතියක් තාමු මුහුණේ තබාගත්තේ කොල්ලන් කෙල්ලන් කරේ නැගිය හැකි නිසාය. හරි. අද පාඩම වේරියබල් ඩෙක්ලරේෂන්.

12 comments:

  1. හෑ.........
    ජාවද බං?????
    ඒ මටත් කීලා දියංකෝ

    ReplyDelete
    Replies
    1. ඩොට් නෙට් දරුවා ඩොට් නෙට්. ජාව වුනත් අවුලක් නෑ

      Delete
  2. matath lawata wage mathakada manda me wage siddiyak. :P lolzzz

    ReplyDelete
  3. මෙහි එන නම්ගම් සියල්ල මනංකල්පිතයිද බොරලු අයියේ?

    ReplyDelete
  4. සුදු බෝනික්කිJuly 6, 2012 at 2:00 AM

    හීඊඊ ජාවා වගේමයි

    ReplyDelete
    Replies
    1. වගේ දේවල් ඒමම වෙන්නෙ නෑනෙ :P

      Delete
  5. මාර පෝවර්ඩ් කැල්ලක් හිහි

    ReplyDelete
    Replies
    1. වී ආ ඕල්වේස් පෝවර්ඩ් මෙයා

      Delete
  6. මේකේ නම වැරදියි ලොක්ක .. එක හදපන් ... මේවා ඉතින් ඇත්තටම වෙච්චි දේවල් කොට නම හංගන්නේ ඇයි :P

    ReplyDelete
    Replies
    1. අවස්යතාවක් නැති නිසා. :)

      Delete