Friday, July 20, 2012

විසිරුණු සුළං VII

                 මගේ ඇස දිවගියේ  ඊට යටින් තිබූ අවසානයේ කමෙන්ට් කල කෙනාගේ නම වෙතය. ඒ වෙන කිසිවෙකු නොව මා මෙතෙක් දවස් ෆේස්බුකිය පීරමින් සෙවූ නමකි.ඉමේෂා අත්තනායක. එහි සටහන් විය.මේ දිනූ ද. මා හට එක්වරම දැනුනේ අමුතුම හැඟීමකි. එහි ප්‍රොෆයිල් ෆොටෝව ලෙස තිබුණේ ද නිළියකගේ ඡායාරූපයකි.මා එම ප්‍රොෆයිලයේ පින්තූර බැලීමට ගියෙමී. නමුත් ඒවා friends only ලෙස සකස් කොට තිබුණි. කමක් නෑ. කවුරු වුනත් . රික්වෙස්ට් කරලම බලනවා. ඒත් මට එය සැක සහිතය.මේ ගැන ශැරොන්ගෙන් නොහොත් මේනුගෙන් ඇසීම හොඳ බව මට සිතුණි.


  03 November 2011
  Dineth Gamage    :  me. dinu ta fb profile ekakuth thiyenawada?
                                eki inne nam nikan 2ta ganan karanna ba       

                                wage

  Menu Peiris    :  hitahan banz poddak......
                           ammeeeeeeeee hari dr... mara cl1k ane awe

  Dineth Gamage ;   puh. mara busy ne

  Menu Peiris    :   moka? ahhh dinu FB giye 7wasare idan...
                           ekita 2,3kma tibuna profile... dan ayt new1k 

                           hadala.. oya kohomada dakke?

  Dineth Gamage  :   ai ara oyage eke cmnt ekak dala thiyenne

  Menu Peiris      :    mama hitanne dinuta 2ta ganinna puluwan
                               manhitanne oya dinuge 6weni acc.1da koheda
                               oya dinuta reqest karada
                               mawa mattu karanna epa

   Dineth Gamage    :    mattu karanna epa kiwwe
                                   mokatada?

   Menu Peiris    :    mama owa kiwwa kiyala

   Dineth Gamage    :   hari hari.
                                  mn req kare na. karannada?
                                 dakka nisai man ahuwe

   Menu Peiris    :   mokatada danne na req karanne?

   Dineth Gamage    :   ekko onna. anayak wei

  Menu Peiris    :  Na matto. karala danna. oyage golayane
                 ඈ එපා කීවද මා රික්වෙස්ට් කරන්නෙමි. රික්වෙස්ට් කල නමුදු දැන් දිනූ ඔන්ලයින් නැති බවට මේනු මට පැවසීය. එනිසා ඉවසීමෙන් සීටියෙමි. දැන් මේනු නැවතත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කතාව ඈඳාගත්තේය.  


ක්ලාස් එකෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නවකො හලෝ. ඔච්චර කෙල්ලො ඉන්නෙ. 

අපෝ. කොහෙද ඒකෙ ලස්සන කෙල්ලො ඉන්නෙ.

ඇයි . නැද්ද? ඈ එක්වරම මට කඩාපැන්නේය
ඇයි අර දිනූ ඉන්නෙ. 

අෆෝ. මට එයා අල්ලන්නේ නෑ. මං කීවේය

හ්ම්ම් හ්ම්ම්. බලමුකො. දිනූ දිනෙත්. ආව් ආව්. හි හී. 

වෙන නැතුවට හොඳයි. 

                 මං මඩ පාරක් ගැසීය. ටික වේලාවකින් මා සංවාදය අවසන් කොට රාත්‍රී නින්දට වැ‍ටුනෙමි.

                 උදෑසන අවදි වන විට 8 පමණ වුවද නිවාඩු දිනයක් බැවින් අද ප්‍රශ්නයක් නැත. උදෑසන ආහාර ගන්නා විට 10 පමණ විය. මා හට එක්වරම දිනූගේ ෆේස්බුක් අක්වුන්ටය මතක් විය. මා ෆේස්බුකියට ලොග් විය. ඇය මා ඇක්සෙප්ට් කොට ඇත. නමුත් ඈ ඔන්ලයින් නැත. මේනුද ඔන්ලයින් නැත. මා ඇගේ පින්තූර පිරික්සුවෙමි. සියල්ල නිළියන්ගේ පින්තූර වේ. ඒ අතර අතැම් බලු පැටවුන්ගේ, මල් වල පින්තූරද සපිරිය. ඒ අතරින් එක් කුඩා පින්තූරයක් වෙතටමගේ නෙත් දිවගියේය. ඒ ඇගේ ඡායාරූපයකි. එය තරමක් බොඳ වී ඇත. මොබයිල් ෆෝනයකින් ගත් ඡායාරූපයක් බැවින් විය යුතුය. ඈ එහි අව් කන්නාඩි පැලඳ සිටී. නමුත් ඒ ඈ බව දැනගැනීමට මට අපහසු නොවිණි. ඉන්පසු මා ලොගවුට් වී මගේ වැඩ කිරීමට පටන් ගත්තෙමි. නමුත් ඈ මැවී පෙනීම නැවැත්විය නොහැකි විය. 
                  අද අඟහරුවාදාය. ය. පෙර දින කීපයේම මා මේනු ඔන්ලයින් දු‍ටුවේ නැත. නමුත් ඈ ඔන්ලයින් ඇවිත් තිබෙන බව දු‍ටුවේ ඈ මගේ වෝලයේ කාන්තාවක් ලමයෙකු වඩාගෙන ස්වාමියා සමග සිටින පින්තූරයක් දමා ඇති බැවිණි. 


                 මා ඕෆ්ලයින් චැට් දමා ගියෙමි. ඈ පැමිණි විට ඈද එසේ කොට ඇත. අද මා වැඩට යා යුතුය. එනිසා ෆේස්බුක් ලොග් වීමට වෙලාවක් නොමැත.                 මා පන්තියට යන විට දිනූ පැමිණ ඇති බව දුටිමි. නමුත් ඈ සමග දොඩමලු වීමට මට කාලයක් නොමැත. මා පන්තිය පටන් ගත්තෙමි. අද කට්ටියට ප්‍රසන්ටේශන් එකක් තියෙනව. මතකයිනේ. පන්තිය අතරතුර මා සිසුන්ට මතක්කොට දුන්නේය. වෙලාව දැන් දහවල් 1 පමණ විය. 

දැන් ප්‍රසන්ටේශන් කරන්න ලෑස්ති වෙන්න. බොර්ඩ් එක යූස් කරන්න පුලුවන් ඕන කට්ටියට. හැබැයි වැරදියට අඳින්න එහෙම එපා ඩයග්‍රම්. අද ලකුණු දෙනවා. 

                 එක එක්කෙනා ප්‍රසන්ටේශන් කරන්නට පටන් ගත්තේය. කිහිප දෙනෙක් අවසන් වූ පසු වේදිකාවට පැමිණියේ දිනූ ය. ඊට පෙර ආ කිසිවෙකු වයිට් බෝඩ් එක යූස් කලේ නැත. නමුත් ඈ එක්වරම වයිට්බෝඩ් මාකර් එක අතට ගත්තාය. ඈ එකින් එක විස්තර කරන්නට පටන් ගත්තාය. පෙර අයගේ මෙන්ම ඈ ද විස්තර කලේ වැරදි ඇතිවය. නමුත් එය මට පෙර අයට සේම එතරම් ලොකුවට ගනන් ගත යුත්තක් නොවිණි. නමුදු ඈ ඇඳි ඩයග්‍රමය තනිකරවම වැරදිය. ඈ සියල්ල විස්තර කල අවසන් වූ පසු මා දිහා පූස් පැටියෙකු සේ යටින් බලා සිටියාය. 

                 මොකක්ද ඔය ඇඳල තියෙන්න. ආහ්. ඕක වැරදියි නේ

               මා වැරදි එකෙන් එක විස්තර කිරීමට පටන් ගත්තේය. ඇගේ ඇස් රතු වීගෙන එනවා මා දු‍ටුවෙමි. මා වහාම කියාගෙන ආ දේවල් නැවැත්තුවෙමි. ඈ වේදිකාවෙන් බැස ගියාය. නමුත් පන්තියේ සිටි මැටි කොල්ලෙක් ඈට හූ කිව්වා මට ඇසුණි. මා ඒ යස්ස පැටියාට බැනවැදී ඊලඟ කොලුවා වේදිකාවට ගත්තෙමි.

             
             පන්තිය අවසන් වී පැවැත්වෙන සවස පන්තිය පන්තියට දිනූ සිටියේ නැත. ඒ කිමදැයි මා නොදනිමි. එය මා බැනවැදුනු නිසාවූවක් දැයි මට සැක සිතුණි. මා පන්තිය අවසන් වී නිවස කරා පියමැන්නෙමි. සවස් වරුවේ මා ෆේස්බුක් ලොග්වුන පසු එකවරම මේනු මා හට කඩාපැන්නේය. 

දිනූට බැන්න නේද? 
අන්න කෙල්ල හොඳටම අඬනවා. මට අඬ අඬ කෝල් කලා යාලුව ක්ලාස් එකේදි බැන්න කියල. මං ඔයාව අල්ලගන්න ආවෙ.  

                 කුමක් කියන්නදෝ මට නොසිතුණි. මං කරගත්ත දෙයක් යැයි මට සිතිණෙ එවිටය.

විසිරුණු සුළං VI

හෙලෝ සර්. සර් වැඩකද ඉන්නෙ. මම දිනූ. 

           ඇගේ කටහඬ මගේ හිතට ගෙනදුන්නේ අමුතුම සිසිලසකි. තප්පර කිහිපයක් මා සිටියේ පියවි ලොවින් එපිටය.

ආහ් ඔව් දිනූ. කියන්න. ඇයි? 

සර් . ගිය සතියෙ පාඩම අමාරුයි සර්. හෙට හවස ක්ලාස් එකෙන් පස්සෙ වැඩිපුර ක්ලාස් එකක් දාන්න බැරිද සර්. 

 ඔයාට විතරක් ක්ලාස් එකක් දාන්නෙ කොහොමද මං. ඔ‍ෆිස් එකත් එක්ක කතාකරගන්න. 

           මා හට එය සුළු දෙයක් වුවද කෙල්ලෙකු උදෙසා මෙවැන්නක් කොට ඔෆීසියෙන් කින්ඩිය දමාගැනීමට මා කැමති නැත. 

නෑ සර්. මට විතරක් නෙමෙයි. ගොඩක් අයට අමාරුයි. අපේ ගෲප් එකේනං හැමෝම ඉඳියි.අනේ සර්. ඒ ඉල්ලීම මට අහක දැමීමට නොහැකි විය

හරි. එහෙනම් හෙට ක්ලාස් එක කරමු. 


           ඉන්පසුව මා ලැප්ටොපය දෙස බැලුවෙමි. තවමත් ශැරොන් ඔන්ලයින් ඇත. ඈ සමග මා සංවාදයේ යෙදීම ආරම්භ කලෙමි.


           ඈ සමග කතාකරන අතරතුරකදී දිනූ මා හට කෝල් කල බව මගෙන් පැන්නේය. ඈට එය හොඳ මාතෘකාවක් විය. 

ආව් ආව්.මොකෝ දන්නෙ නෑ දිනූ හැමදාම මෙයාට කෝල් කරන්නෙ. 

මං හිතන්නෙ එයා මට ට්‍රයි වෙන්නැති. 

           මං ඇගේ කට වැසීමට එකපාරින් කීවෙමි. මා කරගත් ගොන්කමකි.  ඈ මා සිතුවාට වඩා දරුණුය. 

මං ඕක කියන්නද දිනූට ආහ්. මට සාක්කි තියෙනවනෙ පෙන්නන්න

           ඈ මට තර්ජනය කලේය. බටර් පාරක් ගා ඈව කෙසේ හෝ ශේප් කරගැනීමට මට හැකිවිය. 


           දිනූ හරි හොඳ කෙල්ල. හැබැයි එයා ගෙදරින් එලියට කවදාවත් තනියම යන්නෙ නෑ. අඩුගානෙ අම්ම හරි අයිය හරි එක්ක විතරමයි යන්නේ. නැත්තං ස්කූල් වෑන් එකේ යන්නෙ. එයා තනියම යන්න බයයි. එක දවසක් ඈ ස්කූල් වෑනයට පරක්කු වෙනවායැයි කියා පන්තියෙන් කලින්ගිය බව මට මතක්විය. එක දවසක් ඈ ස්කූල් වෑනයට පරක්කු වෙනවායැයි කියා පන්තියෙන් කලින්ගිය බව මට මතක්විය. මා එදින ඈ යන්නට පෙර හොඳ බයිටක් දී යැවූ බව මට සිහිවිය. පොඩි එකෙකු මෙන් ස්කූල් වෑනයේ ඈ යන්නේ ඇයිදැයි මට ඒ වනතෙක් ප්‍රශ්නයක්ව තිබුණි.



           ඊලඟ දිනයේ ඈ පන්තියට පැමිණියේය. පන්තිය අවසානයේ මා ඈ ලඟට ගියේය. අද දැන් එක්ස්ට්‍රා ක්ලාස් එකට ඉන්නෙ කව්ද තව? හැමෝම ඉන්නව සර්. ආහ් එහෙනම් කමක් නෑ. මගෙන් අවසර ලැබුණි. ස්කූල් වෑන් එකට එන්නෑ කියල කිව්වද? ඈ උඩ බිම බැලීය. මා සිහින් සිනාවක් මුවගට කැන්දාගනිමින් ඔෆීසියට නික්මූයේ පැය භාගයක විවේකයක් ලබාදෙමිනි.           එදින පන්තිය අවසන් විය. එදින අමතර පන්තිය හේතුවෙන් ඊලඟ දවසේ අනෙක් පන්තියටද අමතර පන්තියක් කරන්නට මට සිදුවිය. කමක් නෑ. ඉගෙන ගන්න ලමයිනෙ. මට සිතුණි.


           ඒ සතිය ගෙවී ගියේ නොදැනීමය. අද නොවැම්බර් 3ය. බ්‍රහස්පතින්දාවකි. සිකුරාදා මා හට පන්ති නොමැත. අමතර පන්තියක් නැත. එය පෙර සතියේ පමණි. දැන් අමතර පන්තිය හවස් වරු දෙකකට මා යොදාගත්තේ තවත් දවසක් ඒ සඳහා පැමිණීම වදයක් වූ බැවිණි. කරන්නට වැඩක් නොමැතිවූයෙන් මා ෆේස්බුකියට ලොග් වුනෙමි. පෑ කාලකට පමණ පසු එක් වරම චැට් එකක් ආවේය. වෙන කාගෙන් වත් නොවේ. ඒ ශැරොන්ගෙනි. හායි. කොහොමද? එලෙස පටන් ගත් සංවාදය දුරට ඇදුණි. නමුත් ඈ ශැරොන් සිට මේනු ලෙස නම වෙනස් කොට තිබුණි. දැන් ඈ මේනු පීරිස් වී ඇත. දිනූ ඈට අමතන්නේද මේනු ලෙස කී බැවින් එය මට ප්‍රශ්නයක් නොවිණි. ඇගෙන් ඇසූ විට පැවසූයේ නිකමට වෙනස් කල බවය.




ඉතිං දිනෙත්. දැන් කොහොම්ඩද ගර්ල්ෆ්‍රෙන්ඩ්ට?
මොන ගර්ල්ෆ්‍රෙන්ඩ් ද අෆ්ෆා. 

අනේ මේ . බොරුව නොදා ඉන්නව . මම නොදන්නවැයි ඔයා ගැන. 

 හා හා. එයා එන්නෙ රෑ 12 ට පස්සෙ. 
ඒ මොකෝ?

මෝහිණී එන්නෙ ඒ වෙලාවටනේ. 

ඈ හිනාවිය. අනේ මේ. බොරුව නොදා ඉන්නවා. 

ඇත්ත කියන්නෙ. කෙල්ලො වැඩක් නෑ.

මං කෙල්ලෙක් හොයල දෙන්නද? 

           ඈ එක්වරම මගෙන් ඇසීය. මා ඒ ප්‍රශ්නය හමුවේ නිරුත්තර විය. 

හා

           එය මට කියවුනා මිසක් හිතලා කිව්වක් නොවේ. 

හි හි. දැන් කොයි වගේ කෙල්ලෙක්ද ඔයාට ඕන. ආහ්? 

හ්ම්ම්. මෙහෙමයි. මූණ මැද නහයක් තියෙන්න ඕන. අතපය තියෙන්න ඕන. අන්න ඒවගේ ඒවා අනිවා. අනිත් එක සල්ලි තියෙන්න ඕන. නැතුව බෑ. අනිත් කාරණා කෙල්ල හොයල දුන්නම මං බලන්නංකො. 

හරි . ඩවුරියෙන් කීයක් මට දෙනවද දැන් කමිශන් එක?
ඒවා ඒවෙලාවට බලමුකෝ. 

හා හා. 

           මා එක්වරම මගේ ෆේස්බුක් පි‍ටුවේ නිව්ස් ෆීඩයට ආ ශැරොන්ගේ පින්තූරයක් දුටිමි. ඈ ඇගේ ඡායාරූප දමා නොමැත. එය නිළියකගේ ඡායාරූපයකි. ඒ නිළියට මා ඇලුම් නොකලද ඒ ඡායාරූපයේ ඈ සුන්දරය.නමුත් මගේ ඇස දිවගියේ එයට නොවේ. ඒ ඊට යටින් තිබූ අවසානයේ කමෙන්ට් කල කෙනාගේ නම වෙතය. ඒ වෙන කිසිවෙකු නොව මා මෙතෙක් දවස් ෆේස්බුකිය පීරමින් සෙවූ නමකි.

Thursday, July 19, 2012

විසිරුණු සුලං V

                      දැන් මාගේ හදවත කුමන වේගයෙන් ලබ්ඩබ් ගසනාවාදෝ මා නොදනිමි. එතරම් එය වේගවත් වී ඇත් සෙයක් දැනේ. මා ඈ හා සංවාදයේ යෙදනාවිට කාලය ගතවනවා දු‍ටුවේ ම නැත. මා පෑ 2කට අධික කාලයක් එක දිගට ඈ සමග සංවාදයේ යෙදුනේ මා ද නොදැනීමය. ඒ කාලය බොහෝ තොරතුරු හුවමාරුවීම් සහ මෝඩ ජෝක් සපිරි ඉතා අමතක කල නොහැකි කාලයකි. මා තොරතුරු විමසන්නේ ඈගෙනි. නමුත් ඈ සෑම වචන 30 -40 කට වරක් දිනූගේ නම අපගේ සංවාදයට ඈඳාගත්තේ මා ද නොදැනීමය.

                        දිනූ හරි හොඳ කෙල්ල. ඒත් එයා ඒලෙවල් වලට කරේ ලැන්ග්වේජස් නේ. ඇය මට දිනූගේ හොඳ කියන්නට ගත්තාය. ඔව්. එයාට ටිකක් අල්ලන් යන්නත් අමාරුයි. අපිටත් ඉතින් ඕන හැම ලමයම ඉගෙන ගන්නවට තමයි. මං බොරු ඇඩ් එක දැමීය. 


                      එය ඉරිදා දිනයකි. සාමාන්‍යයෙන් මා සඳුදා දිනයන් වලදී පන්ති නොපවත්වයි. මාගේ ‍රැකියාව යෙදී තිබුනේ දින 3ක් පමණි. එනිසා මා එයට බොහෝ ඇලුම් කලෙමි. පොත් අත්සන් කිරීම්, එන යන වෙලාවන් නොමැතිය. එය නිදහස් ‍රැකියාවකි. මා තවමත් ඈ හා සංවාදයේ යෙදෙමින් සිටී. එක්වරම මගේ ජංගම දුරකථනයේ වැදගත් නොම්මරයට අනාගතය අදයි නොම්මරයකින් ඇමතුමක් ලැබුණි. මා එය ආන්ස්වර් කල විට එහා පසින් ඇසුණේ කාන්තා කටහඬකි.


මේ දිනෙත් සර් ද? ඈ ඇසීය.
ඔව්. හ්ම්ම්. ඔයා කව්ද?

සර් මම දිනූ. ක්ලාස් එකේ ලමයෙක්. සර් හෙට එක්ස්ට්‍රා ක්ලාස් එක තියෙනවද සර්?

                      මම උඩ ගියෙමි. සඳුදා මොන එක්ස්ට්‍රා ක්ලාස් ද? එසේ තියෙනවානම් මේ මහ රෑ වනතෙක් මට දැනුම් දුන්නේ නැත්තෙ ඇයි. මා පඹගාලකට පැටලුණාක් මෙන් දැනුණි. 

හ්ම්ම්. කව්ද කිව්වෙ හෙට ක්ලාස් කියල? මා තරමක් දැඩි ස්වරූපයකින් ඇසීය. 

ලොකු සර් කිව්වෙ හෙට ක්ලාස් කියල. 
හ්ම්ම්. හරි. මම අහල කියන්නම් ඔයාට මේ නම්බර් එකට. අනිත් අයත් දන්නවද හෙට ක්ලාස් කියල?

ඔව් සර්. දන්නව. ඈ පැවසීය.

                      මා තවත් ලමයෙකුගේ නම්බරයක් ‍රැගෙන මේ බව ඇසීය. හෙලෝ දමිත්. හෙට ක්ලාස් තියෙනව කියල සර් කිව්වද? ආහ් ඔව් දිනෙත් සර්. අපි හෙට එනවා. මං ඔහුට ස්තූති කොට ඔපීසියට කතා කොට මේ ගැන විමසීය. ආහ් ඔව් දිනෙත්. අපිට කියන්න බැරි වුනානෙ. හෙට ඔයාගෙ ක්ලාස් එකක්. එන්න හොඳේ. මං බෑ කියන්නද ඉතිං ඔහොම කිව්වම. කමක් නෑ. මට දිනූ දැකීමට හැකි තවත් අවස්ථාවකි හෙට. එනිසා මා නැවත අර අනාගතය අදයි නම්බරයට ඇමතීය. 

හෙලෝ දිනූ. මම දිනෙත් සර් කතාකරන්නෙ. හෙට ක්ලාස් තියෙනව උදේ 8ට. හරිනේ. 

හරි සර්. මම එන්නම්. ඈ තෙපලීය.
                       මා නැවත ශැරොන් සමග සංවාදයට යොමුවිය.
 

මොකෝ මෙච්චර වෙලා සයිලන්ට් හිටියෙ. කලන්තෙවත් දැම්මද? ඈ මට කෝචෝක් පාරක් දැමීය. 

ඔයාගේ නංගි කතා කරා. මං එක පාරට ඈට සිද්දිය ඇදබෑය. 

ආව් ආව්. මොකෝ දන්නෙ නෑ දිනූ මේ මහ රෑ ඔයාට කතා කරන්නෙ ආහ්. ඈ මට කින්ඩිය දමන්නට පටන් ගත්තේය. 

මං කොහොමද දන්නෙ. නංගි පොඩ්ඩගෙන්ම අහගන්න. 

ආහ්. දැන් නංගි පොඩ්ඩත් වුනාද? හොඳයි හොඳයි. ඇය සමග කතා කොට බේරිය නොහැකි බව මට වැටහුණි.

හරි හරි. නංගි කතා කරේ පන්තියක් ගැන අහන්න. මං ඔය පොඩි කෙල්ලො එක්ක පැණි හලන්නෙ නෑ.


                      දිනූ මට වඩා අවුරුදු දෙකක් බාලය. මා ඒ බව දැනගත්තේ ඇගේ පන්ති වාර්තා පොතෙනි.
 
හී හී. මෙයාට තරහ යනවනේ ඉක්මනට. මැට්ටා. ජෝක් එකක් කලේ.


                      ශැරොන් යනු මගේ වසරේම ජනවාරි මස උපත ලද කෙනෙකු බව මා දු‍ටුවේ ඇගේ ප්‍රොෆයිලයට ගිය විටය. නමුත් ඈ පැවසුවේ අපි එක වයසේ නේ කියායි. මා ඇගෙන් ඒ බව විමසීය. ආහ් ඔව්. මම ඊට කලින් අවුරුද්දෙ ඒලෙවල්. ඈ ඒ ප්‍රශ්නය මගෑර ගියාක් මෙන් මට දැනුණි. කෙල්ලන් හමුවේ මා සී අයි ඩී පොරකි. නමුත් මෑ ඉදිරියේ එසේවීමට මට අවශ්‍ය නොවිනි. ඊට හේතුපාදක වූයේ දිනූ මැගේ සොයුරියක් බැවිණි.

                      ඊලඟ දවසේ මා පන්තියට ගියේය. දිනූ පන්තියට පැමිණියේ සුදු පැහැ බ්ලවුසයක් සමග කලු පැහැ ඩෙනිම් කලිසමකින් සැරසීය. මා පන්තියේ අවසාන භාගයේදී ඈ ලඟට ගියෙමි. ඈ සිටියේ තනියමය. අමතර පන්තියක් බැවින් පැමිණ සිටියේ කෙල්ලන් තිදෙනෙකු පමණි. ඉතිරි සියල්ල කොල්ලන්ය. 
 
ඔයා ශැරොන් පීරිස් කියල කෙනෙක්ව දන්නවද? මා ඇගෙන් කෙලින්ම ඇසීය. 

කවුරු? ඈ තෙපලීය.

ශැරොන් පීරිස්. ඔයාගෙ කසින් කෙනෙක්.
ආහ් ඔව් සර්. අපි කියන්නෙ ශැරොන් නෙමෙයි. මේනු කියල. සර් එයාව අඳුනනවද? 

ටිකක් දන්නව. මා පැවසීය.


                      පන්තිය අවසන් වූ පසු ඈ ගෙදර ගියේය. මාද ගෙදර ගියේ ශැරොන් ඔන්ලයින් සිටීදැයි සිතමිණි. ගෙදර ගිය හැටියේ මා ලැප්ටොපය ඔන් කොට ෆේස්බුකියට ලොග් වුනෙමි. ශැරොන් ඔන්ලයින් නොමැත. බලාපොරොත්තු සුන් වූ දෑසින් මා යහනට වැ‍ටුණි. දිනූගේ රූපය ඇස් ඉදිරිපිට මැවී පෙනෙද්දි මට නොදැනීම නින්ද ගියේය.                      නමුත් ෆේස්බුකියෙන් ලොගවුට් වීමට මට අමතක වූ බව වැටහුනේ මා අවදි වූ පසුවයි. මා බලද්දි ශැරොන් පීරිස් ඔන්ලයින් පැමිණ මට චැට් කොට ඇත. 
 
හෙලෝ දිනෙත්. කොහොමද?හෙලෝ. කෝ මෙයා. දිනෙත්. ඔයා මාත් එක්ක තරහවෙලාද? හෙලෝ.

                      මේ ඈ එවා තිබූ මැසේජයි. රිප්ලයි කරම්දෝ, නොකරම්දෝ කියා මට සිතාගත නොහැක. එක්වරම මගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. ඒ වෙනකිසිවෙකුගේ ඇමතුමක් නොව, දිනූ ඉමේෂා අත්තනායකගේ ඇමතුමකි.

Monday, July 9, 2012

විසිරුණු සුලං IV





                    දිනූ ඉමේෂා අත්තනායක යන නම දැන් මට මගේ නමට වඩා කටපාඩම්ය. එපමණ වාරයක් මා එය තොල් මතුරා ඇති සේ හැඟේ. ඈ මාගෙ නෙත් වලින් ඉවතට යන්නේම නැත. ගෙදර ගිය මා නා, කා, බී නින්දට වැ‍ටුනේ මේ සියල්ල හීනයක් සේ අමතක කොට දමන්නටය. ටික වෙලාවකින් මා අවදි විය. දැන් නම් ඈ ගැන මතකය තරමක් අමතක වී ඇත. නමුත් ඒ නම වැහි නැති වෙලාවාට හෙන ගහන්නා සේ මගේ ඔලුවට එක් වරම කඩා පාත් වේ. කුමක් කරන්නදෝ මා හට නොසිතේ.


                    මා හට එක්වරම මතක් වූයේ ෆේස්බුකියයි. මැය එහි සිටීමට ඉඩකඩ තිබේ. කෙල්ලෙකුට කොල්ලෙකුට අතක් පයක් නොතිබ්බද ෆේස්බුක් අක්වුන්ට් එකක් නොතිබෙන්නට නොහැක. වහාම ලැප්ටොපය ඕන් කල මා ෆේස්බුකියට ලොග් වූවෙමි. මුලින්ම නොටි‍ෆිකේසන් බැලීම මගේ පුරුද්ද වුවද මා එයද පසෙක තබා දිනූ ඉමේෂා අත්තනායක යන නම සර්ච් බොක්සය තුල කෙ‍ටුවේ බලාපොරොත්තු ‍රැසක් හිතේ දරාගෙනය.


                    අහෝ ඛේදවාචකයකි. ඒ නමින් අක්වුන්ට් බර ගනනාවක් ඇත. ඉන්පසු පැය දෙකක් තිස්සේ සියලු අක්වුන්ට් වල පොටෝ පීරමින් ඈ සෙවීය. නමුත් ඉන් කිසිවෙක් ඈ නොවේ. ඇගේ නම නොයෙක් ආකාරයට සර්ච් කර ඈ සෙව්වෙමි. ඈ හමුවූයේ නැත. දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරි කඩාහැලුණු හිතක් සහිතව ලැප්ටොපය වසා දැමූ මා නින්දට වැ‍ටුනෙමි..


                    කාලය පැය දින සති ලෙස ගෙවී යයි. මා උගැන්වීමට හා නිවසේ සිටියදී ෆේස්බුකියේ කාලය ගතකිරීමෙන් මාගේ කාලය නොදැනීම ගෙවීයයි.මේ අතරතුරදී ඈ උසස් පෙළ සඳහා කලා විෂය ධාරාවන් යටතේ භාෂාවන් හැදෑරූ බවද මා දැනගත්තේය.




                    අද ඔක්‍තෝබර් 30යි. වෙනදා මෙන්ම ‍රැකියාවට ගොස් නිවසට පැමිණ කා බී ෆේස්බුකියට ලොග් වූ මා හට එක්වරම ෂැරොන් පීරිස් නම් වූ තරුණියක් චැට් එකක් එව්වේය. මා ඈ ඇඩ් කර තිබුනේ කවදාදෝ කියා මට නිච්චියක් නැත. මා ඊට කලින් ඈ සමග සංවාදයේ යෙදී ද නැත. ඇගේ ප්‍රොෆයිලය වෙත ගිය මා ඈ මට රික්වෙස්ට් කල දිනය බැලීය. එය සඳහන් වූයේ ඔක්‍තෝබර් මස කියායි. මා ඊමේලය චෙක් කර විට එය ඔක්‍තෝබර් 26 ලෙස සටහන් විය. මා ද ඈ හා චැට් කලේය.


30 October 2011
    Sharon Peiris       :  hi


    Dineth Gamage    :  hi
                                  :)
                                  hw r u


                    මෙසේ ආරම්භ වූ චැටය ටිකෙන් ටික වර්ධනය විය. ඇය මා ගැන තොරතුරු ඇසීමටත් මා ඈගෙන් ඈගැන හාරවුස්සීමටත් පටන් ගත්තේය. මා ඩොට් නෙට් උගන්නන බව පැවසූ පසු ඈ ඒ ගැන විස්තර ඇසීය. මා ද සියලු දේ බයක් සැකක් නැතුව දෙසාබෑවෙමි. ඈ ද පුද්ගලික පාසලක ගුරුවරියක් බව මා හට පැවසීය. චැට් එක තව තවත් ඉදිරියටම ගියේය. නමුත් එක්වරම ඈ කිවූ දෙයින් මගේ ඇඟ කිළිපොලා ගියේය.


30 October 2011
    Sharon Peiris       :   hmmmmm..... mage cusin kenekut enawa..
                                  good! mamat issara asawen hitiya dot net 
                                  karanna...


    Dineth Gamage    :  oya monawada teach karanne? primary 
                                  ekatada?
                                  kawda cousin ge nama?


    Sharon Peiris       :   english....
                                   imesha.. do u knw?


    Dineth Gamage    :   ehema nm mathaka na
                                   full name eka danne nadda?


    Sharon Peiris        :  mmmmm....... dinu imesha.. eya me 
                                   lagadida koheda awe


    Dineth Gamage     :  dannawa. dannawa
                                   english lit karapu ekkena ne


    Sharon Peiris        :  ahhhh ehemada? ahhh ow ow... mamat  
                                   eyata teach kara
                                   oyage name1 kiyala ahuwot dannawada


                    දෙන දෙයියෝ ගෙදරට ගෙනත් දෙනවා කියා කතාවක් තිබුණද මා හට එය අත්දකින්නට හැකිවූයේ අදය. සති ගණනාවක් මා ෆේස්බුකිය පීරා සෙවූ තරුණියගේ සොයුරියක් මා හට රික්වෙස්ට් එවා ඇත. මේ කුමක්ද සිදුවෙන්නට යන්නේ යැයි මා හට සිතාගත නොහැකි විය. නමුත් ඉදිරිය බොහෝ වෙනස් වනු ඇතැයි මා එදින සිතාගත්තෙමි.



Friday, July 6, 2012

විසිරුණු සුළං III

පලවෙනි සුලඟ වැදුනෙ නැත්තං මෙතනින් කියවන්න 
දෙවනි සුලඟ වැදුනෙ නැත්තං මෙතනින් කියවන්න
 
                  පාඩම පටන් ගෙන ටික වේලාවක් ගතවිය. මා සෙමින් සෙමින් පාඩම සිසුන්ට නොදැනීම ගැඹුරු හරාත්මකව තේරුම් ගතහැකි ලෙසට උගැන්වීමට වෙර දරමින් සිටී.


"හරි. දැන් මට මේ ප්‍රෝගෑම් එක ගහල ඕන."


                   උගැන්වූ සියල්ල පදනම් කොටගෙන සියලු දෙනාට කිරීමට කාර්යයක් පැවරූ මා වේදිකාව මතවූ පු‍ටුවේ හිඳගත්තෙමි. එක්වරම මාගේ දෑස දිවගියේ දුඹුරු කහ පැහැ බ්ලවුසයක් හැඳගත් දැරිවියක් වෙතය. දු‍ටුවන්ගේ නෙත් දෙවරක් බලන්නට තරම් ඇය සුන්දරයැයි මට සිතුණි. මා මේ මොනවදෝ හිතන්නෙ. මා හට පිස්සුද? තවත් ඈ දිහා බලා සිටීම අතහැර දැමුවෙමි.


                  නමුත් ඇස් මට අවනත නොවේ. ඒවා ඈ දෙසටම යොමුවේ. ඇගේ කහ දුඹුරු පැහැ ඇඳුම ලෙස් දු‍ටු මා දු‍ටුවේ වැරදිලාය. එය දුඹුරු පැහැ බ්ලවුසයකි. එහි කහ පැහැ ලොකු බෝල ඇත. කලු පැහැ ඩෙනිමකින් ඈ සැරසී ඇත. කොන්ඩය ස්ට්‍රේට් හෝ වෙනයම් යමක් කර ඇත. කොටින්ම කියනවානම් ඈ ජපන් බෝනික්කෙකු හා සමාන කල හැක.


                  මා මේ ඉන්නේ වේදිකාව මත බව මට මතක් වූයේ ටික වේලාවක් ගිය පසුවය. දුන් කාර්යය නිමකිරීමට දැන් වේලාව වැඩිත් එක්කය. තවදුරටත් ඈ දෙස බලාසිටියහොත් පන්තියේ අනිත් සිසුන් දකිනු ඇතැයි මාගේ හිතට බියක් සහ සියුම් ලැජ්ජාවක් මතුවිය. වහාම පු‍ටුවෙන් නැගිට මා යලු පාඩම පටන් ගත්තෙමි.


"හරි හරි. දැන් වෙලාව ඇති. කරල ඉවරද?"




                  වේලාව දැන් 11.30  පමණ වී ඇත. අද අවසානයේ සිසුන්ට කණ්ඩායම් ඉදිරිපත්කිරීමක් ඇති බව මා හට මතක්විය.දැන් එයට වේලාව හරිය.


"හරි. දැන් මම උදේම කිව්වනෙ ගෲප් ප්‍රසන්ටේෂන් එකක් තියෙනව කියල. දැන් කට්ටිය ලෑස්ති වෙන්න. තව ටික වෙලාවක් දෙන්නම් රෙඩි වෙන්න."


                  ඊට පසු මා කණ්ඩායම් ලඟට ගිහින් තම තමුන්ගේ කණ්ඩායම් වල නම් අසන ලදී. මට වඩා අවුරුද්දක් බාල කෙල්ලන්ට කොල්ලන්ට දුවේ පුතේ කියා කතා කරන්නේ කොහොමදැයි මා හට ප්‍රස්නයකි. ඇතැමුන් මට වඩා වයසින් වැඩිත් එක්කය. කමක් නැත. මල්ලි නංගි කියමි යැයි සිතාගතිමි. එසේ කතාකිරීම නිසා කොල්ලන් ටික බියක් සැකක් නැතුව කතාකලේය. අවසානයේ මා හට නම අසන්නට ඉතිරිවූයේ එක් කණ්ඩායමක් පමණි. ඒ අර මගේ ඇස පිනවූ මොනාලිසාවගේ කණ්ඩායමයි.


"ගෲප් එකේ නම මොකක්ද නංගි ? "

                  එක්වරම ඇගේ පිටිපස්සෙන් ගොස් ඇසූ ප්‍රශ්නය නිසා ඈ තුෂ්නිම්භූත විය. ඇතැම්විට නංගී කිව් නිසාදෝ මන්දා යැයි මට හිතුනි.


"මොකක්ද අයියෙ ඇහුවෙ ? "  ඈ පෙරලා ඇසුවාය.
"ගෲප් එකේ නම."
" ආහ්. කැස්පර්." ඈ තෙපලීය.


                  ඇගේ කටහඬ රාණි මුකර්ජීගේ මෙන් තරමක් දෙදරුම් කන කටහඬහකි. මට එක්වරම හිනාගියේය.





"කැස්පර්". මා හීන් හිනාවක් දමමින් ඇසුවේය
"ඔව් . ඇයි"
" සුදු භූතය කියල දාන්නද? " මා ඇඟට පතට නොදැනී ඇසුවේය


                  ඈ අහිංසක ලෙස හිනාවිය. තවත් ඈ අපහසුතාවයට පත්කිරීමට මා අකමැතිවිය. මා එතැනින් නික්මිණි.


                  කණ්ඩායම් ඉදිරිපත්කිරීමේදී ඇගේ කණ්ඩායමේ නායිකාව ඇගේ නම පවසන ලදී. මේ ඉන්නෙ දිනුනි. මා ඇගේ නම දැනගත්තෙමි. සියලු දේ අවසන් විය. පන්තිය අවසන් කොට මා නැවත ඔපීසියට පිවිසුනෙමි. රෙජිස්ටරය ‍රැගෙන මා පි‍ටුවෙන් පි‍ටුව පෙරලුවෙමි. එක්වරම මා ඇගේ ඡායාරූපය දු‍ටුවෙමි. එය බොහෝ සුදු ඡායාරූපයකි. ඇතැමෙක්ට එය ලයිට් 10-15ක් දමා ගත්තක් සේ සිතුනද වැ‍රැද්දක් කිව නොහැකි තරම් ඈ එහි සුදුය. මා නම යලි බැලුවෙමි. මට ඇසී තිබූ නම වැරදිය. ඇගේ නම දිනුනි නොවේ. ඈ දිනූ ඉමේශා අත්තනායක නම්විය.


                  දිනූ ඉමේශා අත්තනායක... දිනූ ඉමේශා අත්තනායක... දිනූ ඉමේශා අත්තනායක... මන්තරයක් මතුරන කට්ටඩියෙකු මෙන් මේ නම මතුරමින් මා පාර දිගේ නිවස කරා පියමැන්නේමි.





Wednesday, July 4, 2012

විසිරුණු සුළං II

පලවෙනි සුලඟ වැදුනෙ නැත්තං මෙතනින් කියවන්න 


                  කම්මැලි කම පෙරදැඩි කොටගෙන ඔපීසියට යන විට ඔපීසිය හිස් ය. වැහිබර කාලගුණයෙන් හටගත් ඈලි මෑලි බව නිසා කීපවාරයක් මට ඈනුම් ගියේය. ඔපීසිය තුලට යනවිට ඉතිරි සියලුදෙනා උදෑසන කෑම ගැනීමට ලන්ච් රූම් එකේය. මා පැමිණියේ උදෑසන ආහාරය අනුභව කොට බැවින් තිබූ පු‍ටුවේ කකුල් දෙක දිගහැර ඉඳගත්තෙමි. අතීතය කෙබඳුද? ඉදිරිය කෙබඳුද? මේ සියලු ප්‍රශ්න මගේ ඉදිරිපිට දිගහැරුණි.        


                  දිනෙත් සුභාෂන ගමගේ යන උප්පැන්න නම සහිතව මෙලොව එලිය දු‍ටු මා දැනට වයස 21ක තරුණයෙකි. පහවසර දක්වා එක් පාසලකින්ද ඉන් පසු ශිෂ්‍යත්වය සමත් වී තවත් පාසලකින්ද අධ්‍යාපනය ලැබුවෙමි. උසස් පෙල සඳහා ජීව විද්‍යාව හා ගණිතය විෂය ධාරා අතර දෝලනය වෙමින් තිබූ මගේ සිතට අවසානයේ දෙමාපිය තීරණයද එකතු කොටගෙන ජීව විද්‍යාව හැදෑරීමට සිදුවිය.


                 වසර දෙකකට වඩා අධ්‍යාපනය ලබා අවසානයේ විභාගයට මූණදී ප්‍රතිඵල එන දිනයේ ලැබූ ප්‍රතිපල මගේ හිත වඩාත් චංචල කලේය. එය හරියට ෆෑන් එකේ හුළඟ උහුලන්නට බැරි කෙනෙකු කුණා‍ටුවකට අහුවුනාක් මෙන්ය. ලැබූ ප්‍රතිඵල වූයේ සී  දෙකක් සහ ඇෆ් එකකි.  මා ජීව විද්‍යාව අසමත් වී ඇත. සියලු දෙනා ලේසියි කියනා, මට වහ කදුරු මෙන් වූ විෂය මා අසමත් වූ බැවින් දෙවන වරද උසස්පෙල සඳහා පෙනී සිටියෙමි.එවර ඊට වඩා දුක්ඛ සහගත විය. එවර බී සාමාර්ථ දෙකක් සමගින් පෙර සේම ජීව විද්‍යාව අසමත් වී ඇත. 
           
                  එහෙත් දෙවන වර විභාගයට පෙනී සිටීමෙන් පසු මා පරිගණක ඉංජිනේරු ශිල්පය හැදෑරීම සඳහා පෞද්ගලික පන්තියකට පිය නැගුවේ පරිගණක තාක්ෂනය සඳහා හිතේ තිබූ ඇල්ම පෙරදැඩිකොටගෙනය. ජීව විද්‍යා පන්තිය කිසිදු හෙතුවකින් තොරව වුවද 60%කට වඩා මගහැරි මා කිසිදු හේතුවක් පෙර‍ටුකොටගෙන මේ පරිගණක පන්තිය අතපසු කරේ නැත. එබැවින් ඩොට් නෙට් ෆ්‍රේම්වර්කය තුල මා හපනෙක් නොහොත් අති දක්ෂයෙක් විය.

                 මා තුල වූ සියලු හැකියාවන් සහ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හැදෑරීමෙන් ලද පරිපූර්ණ තර්කණ හා සිතීමේ හැකියාවන් සියල්ල මේ උදෙසා මා කරළියට ගෙනාවේය. මා එතුල කොතෙක් පරිපූර්ණ වීද යත් මා හට එම ආයතනයේම ගුරුවරයෙකු ලෙස වැඩකීරීමට අවස්ථාව ලැබුණි. සියල්ල පටන් ගත්තේ එහිදීය. ඩොට් නෙට් ෆ්‍රේම්වර්කය මගින් මගේ ජීවිත ෆ්‍රේම්වර්කය නිර්මාණය කරනු ඇතැයි මා කිසිදා සිතුවේ නැත.

                  වේලාව උදෑසන 8ට පමණ වී ඇතැයි පරිගණකයේ ඔරලෝසුව දෙස බැලූ මට පෙනීගියේය. පන්තිය පටන් ගැනීමට වේලාව හරිය. පු‍ටුවෙන් නැගිට කමිසයේ ‍රැලි පිසදූ මා පන්තිය තුලට යාමට ඔපීසියෙන් එලියට ආවෙමි. පෙරදිනයේ මෙන් අද හිතේ චකිතයක් නොමැත. මා එකවරම දොර ඇරගෙන පන්තිය තුලට ගියෙමි. කට්ටියම නව ගුරුවරයා දැක බිරන්තට්‍ටු විය. ශබ්ද කිරීම නවතා වේදිකාව දෙසට නෙත යොමුවේය.

                  මා හට මතක් වූයේ දෙයියාගේ රසායන විද්‍යා පන්තියයි. සැමදා උදෑසන පන්තියට පැමිණි විගස දෙයියාගේ නියමිත වැඩ පිලිවෙලක් ඇත. එනම් ලේන්සුවකින් මයික්‍රෆෝනය පිසදමමින් සද්ද කර ආ..යුබෝවන් කීමයි. මට එවැන්නක් කිරීමට අවශ්‍ය විය. නමුත් සූදානමක් නොමැති නිසා කිරීමට කිසිවක් නොමැත. සාක්කුව ඇල්ලූ විට මාගෙ ලට්ට ලොට්ට ගැජ්ට් කීපයක් ඇති බව දැනුනි. මා සාක්කුවේ තිබූ සියල්ල එලියට ගෙන මේසය උඩින් තැබීමී. දුරකථන යුගලයක්, බ්ලූටූත් හැන්ඩ්‍ෆ්‍රීය හා පෙන් ඩ්‍රයිව් යුගල්ය ඒ අතර විය. මා නිකන් ගැජට් මිනිහා වගේ කියා කිසිවෙකුට හිතුනාදෝ නොදනී. කමක් නැත. මා පාඩම පටන් ගත්තෙමි. හරි. මගේ නම දන්නවද? නැද්ද? එහෙනම් දන්න කෙනෙක්ගෙන් අහගන්න. මා හීන් හිනාවක් දැමීය. නමුත් සැර ගතියක් තාමු මුහුණේ තබාගත්තේ කොල්ලන් කෙල්ලන් කරේ නැගිය හැකි නිසාය. හරි. අද පාඩම වේරියබල් ඩෙක්ලරේෂන්.

Monday, July 2, 2012

විසිරුණු සුළං I

                    අලු පාටින් වැසුන අහස දෙස ජනේලයේ කූරු අතුරින් බලා සිට හෙම්බත් වූ මාගේ ඇස් වලට අහස මුඩුබිමක් සේ දිස්වීම වලක්වාගත නොහැකිවිය. සියල්ල එපාවූ දෑසින් අහසෙන් ඇස් අහකට ගත් විට ඉදිරියේ වූයේ ගැබ්බර වූ එළදෙනෙකු සේ මහත්වූ කෙසෙල් ගසකි. කෙසෙල් කොලයක් දිගේ වතුර බිඳුවක් බේරී වැටෙනුයේ තමුන් අකමැත්තෙන් සිටි තැනෙක සිට ලිස්සා යන ආ‍ඳෙකු සේය. වැස්ස තුරන් වූවද වැහි බින්දු මුසුවී මුහුණට වදින සුලඟින් ලැබෙන සිසිල කියා නිමකල නොහැක. 

                   "දඩාස්". එකවරම බියවූ මා පි‍ටුපසට පැන්නෙමි. මේසය උඩ තබා තිබූ තේ කෝප්පය එකවරම බිමට ඉහිරුණේය. එක්වරම ආ කුණා‍ටු සුලඟට වහවැටී යන්නාක් මෙන් එක්වරම වැසුණු ජනේලය නිසා මාගේ උදෑසන තේ කෝප්පයද අහවරය. කාටහෝ මේ වැ‍රැද්ද පටවා ඇඟබේරාගැනීමට හැකි නම් එසේ කර සිටීමට තරම් මට වස කම්මැලිය. ඒත් සුලඟට වැ‍රැද්ද පැටවූවොත් කවදා හෝ ඒ සුලඟම තමා වෙතට එනු ඇතැයි බියෙන් මා කට වහගෙන කෝප්පයේ කෑලි එකතු කිරීමට පටන් ගත්තේය.

                   "ඒ කෝප්පෙත් ඉවරයි නේද? ". අම්මාගෙ කටහඬ අහන්න ලැබුනේ නොසිතූ විරූ ලෙසය. කාටත් හොරෙන් කෝප්පය අස් කර දමා සිටීමට සිටි මා දැන් බැනුම් අහලා ඉවරයක් නැතිය. කාමරයට ඔලුව දැමූ අම්මා කෝප්පයක් උදෙසා මාගේ කනේ කලාඳුරු එලියට පනින්නට මෙන් බැන්නේය. "හරි හරි. දැන් කෝප්පෙ කැඩිල ඉවරයිනෙ. අම්ම දැන් යන්නකො." මා කොහොම හරි අන්තිමට ඇඟ බේරාගත්තෙය.

                   මූහුණකට සෝදාගත් මා ඇඳුමක් ඇඟලාගත්තේ වැඩට යන්නටය. උදේට කන්න තිබ්බේ බත්ය. පරිප්පු, සම්බෝල සමග කරවල බැදුමක්ද තිබ්බේය. කන්නට ආස වූවත් කන්නට කිසිදු පිරියක් නැත. බත් කටවල් දෙකක් කා වතුර බී එලියට බහින්නට සූදානම් විය. කිසිදා ඔරලෝසුවක් බැඳීමට කැමති නැති මා නැවත හැරී බිත්තියේ ඔරලෝසුව දෙස බැලුවෙමි. 

                   වෙලාව හත හමාරය. වැඩට යන්නට පැය භාගයක් තිබේ. ඔපීසියට යන්නට යන්නේ විනාඩි දහයකි. කලින් ගියාට කමක් නැතෙයි කියා මා එලියට බැස්සේ අම්මාගේ පෙ‍රැත්තත් මුල්කොටගෙනය. ගේට්‍ටුවෙන් එලියට බහිනකොටම හම්බවුනේ සුමණසේකර ආච්චී ය. 

                   "වැඩට යනවද පුතේ". කට පුරවා සිනාසී ඇය සෙමින් තෙපලීය. දවස් දෙක තුනකින් මැද නැති දත් දෙපල අතරමැද්දෙන් උදේට පොල් සම්බෝල කෑව බව පවා මට කිව හැකි විය. නමුදු ඇගේ අහිංසක අව්‍යාජ සිනාව සහ කතාව ඒ සියල්ල පසුකර මාගේ හිතට දුවගියේය. කිසිවක් කීමට සිතුවද සිතා අවසන් වන විට ඇය මා පසුකර ගොසින් ය. මා ද ඈ හා සිනාසී පාර දෙසට පියමැන්නේ ඒ රස්සාවට යන දෙවන දිනය අද බැවිණි. පලමු දිනයේ තිබූ තැතිගැන්ම අද වනවිට පහව ගොසින්ය. මගට යනවිට හමුවූ ආනන්ද අයියා මා ඔහුගේ ත්‍රීරෝද රථයේ නංවාගෙන ටවුමෙන් දමා ගියේය. දැන් නම් කොහොමත් වේලාසන වැඩිය. කමක් නැතැයි කියා මා සෙමින් සෙමින් ඔපීසියට දෙසට පියමැන්නෙමි. 

                   පාරේ යන්නෙකු ඇතැම් විට සිතන්නට ඇත්තේ මොලේ අමාරුකාරයෙක් කියා වෙන්නට ඇතිය. පොඩි ලමයෙක් මගෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩකරනවාදැයි ඇසුවේ නැතුවා පුදුමය. ඒ මා පාරේ ගියේ පියවර මනින්නාක් මෙන් නිසාය. 

                   "කලින් ගියා කියල පඩි අඩුවෙනවායැ." යටි හිත මට තෙපලන්නට ගත්තේය. ඒ අනුව අඩිය ඉක්මන් කොට මා ඔපීසියට ගියෙමි. මට අද දවසේ ඉදිරිය කොහොම එකක් වේදැයි කිසිදු අදහසක් නොමැත. එහෙත් අද මහ අමුතු දවසකැයි උදෑසනම හිතට දැනුනි. හැඟීම් වලට ඉඩදී ජීවත් වීම ලේසි කාරණාවක් නිසා ඒ සියලු හැඟීම් වලට ඉඩදී මා තරප්පු පෙල තරණය කොට ඔපීසියට ඇතුල් වීමි.