Friday, July 20, 2012

විසිරුණු සුළං VII

                 මගේ ඇස දිවගියේ  ඊට යටින් තිබූ අවසානයේ කමෙන්ට් කල කෙනාගේ නම වෙතය. ඒ වෙන කිසිවෙකු නොව මා මෙතෙක් දවස් ෆේස්බුකිය පීරමින් සෙවූ නමකි.ඉමේෂා අත්තනායක. එහි සටහන් විය.මේ දිනූ ද. මා හට එක්වරම දැනුනේ අමුතුම හැඟීමකි. එහි ප්‍රොෆයිල් ෆොටෝව ලෙස තිබුණේ ද නිළියකගේ ඡායාරූපයකි.මා එම ප්‍රොෆයිලයේ පින්තූර බැලීමට ගියෙමී. නමුත් ඒවා friends only ලෙස සකස් කොට තිබුණි. කමක් නෑ. කවුරු වුනත් . රික්වෙස්ට් කරලම බලනවා. ඒත් මට එය සැක සහිතය.මේ ගැන ශැරොන්ගෙන් නොහොත් මේනුගෙන් ඇසීම හොඳ බව මට සිතුණි.


  03 November 2011
  Dineth Gamage    :  me. dinu ta fb profile ekakuth thiyenawada?
                                eki inne nam nikan 2ta ganan karanna ba       

                                wage

  Menu Peiris    :  hitahan banz poddak......
                           ammeeeeeeeee hari dr... mara cl1k ane awe

  Dineth Gamage ;   puh. mara busy ne

  Menu Peiris    :   moka? ahhh dinu FB giye 7wasare idan...
                           ekita 2,3kma tibuna profile... dan ayt new1k 

                           hadala.. oya kohomada dakke?

  Dineth Gamage  :   ai ara oyage eke cmnt ekak dala thiyenne

  Menu Peiris      :    mama hitanne dinuta 2ta ganinna puluwan
                               manhitanne oya dinuge 6weni acc.1da koheda
                               oya dinuta reqest karada
                               mawa mattu karanna epa

   Dineth Gamage    :    mattu karanna epa kiwwe
                                   mokatada?

   Menu Peiris    :    mama owa kiwwa kiyala

   Dineth Gamage    :   hari hari.
                                  mn req kare na. karannada?
                                 dakka nisai man ahuwe

   Menu Peiris    :   mokatada danne na req karanne?

   Dineth Gamage    :   ekko onna. anayak wei

  Menu Peiris    :  Na matto. karala danna. oyage golayane
                 ඈ එපා කීවද මා රික්වෙස්ට් කරන්නෙමි. රික්වෙස්ට් කල නමුදු දැන් දිනූ ඔන්ලයින් නැති බවට මේනු මට පැවසීය. එනිසා ඉවසීමෙන් සීටියෙමි. දැන් මේනු නැවතත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කතාව ඈඳාගත්තේය.  


ක්ලාස් එකෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නවකො හලෝ. ඔච්චර කෙල්ලො ඉන්නෙ. 

අපෝ. කොහෙද ඒකෙ ලස්සන කෙල්ලො ඉන්නෙ.

ඇයි . නැද්ද? ඈ එක්වරම මට කඩාපැන්නේය
ඇයි අර දිනූ ඉන්නෙ. 

අෆෝ. මට එයා අල්ලන්නේ නෑ. මං කීවේය

හ්ම්ම් හ්ම්ම්. බලමුකො. දිනූ දිනෙත්. ආව් ආව්. හි හී. 

වෙන නැතුවට හොඳයි. 

                 මං මඩ පාරක් ගැසීය. ටික වේලාවකින් මා සංවාදය අවසන් කොට රාත්‍රී නින්දට වැ‍ටුනෙමි.

                 උදෑසන අවදි වන විට 8 පමණ වුවද නිවාඩු දිනයක් බැවින් අද ප්‍රශ්නයක් නැත. උදෑසන ආහාර ගන්නා විට 10 පමණ විය. මා හට එක්වරම දිනූගේ ෆේස්බුක් අක්වුන්ටය මතක් විය. මා ෆේස්බුකියට ලොග් විය. ඇය මා ඇක්සෙප්ට් කොට ඇත. නමුත් ඈ ඔන්ලයින් නැත. මේනුද ඔන්ලයින් නැත. මා ඇගේ පින්තූර පිරික්සුවෙමි. සියල්ල නිළියන්ගේ පින්තූර වේ. ඒ අතර අතැම් බලු පැටවුන්ගේ, මල් වල පින්තූරද සපිරිය. ඒ අතරින් එක් කුඩා පින්තූරයක් වෙතටමගේ නෙත් දිවගියේය. ඒ ඇගේ ඡායාරූපයකි. එය තරමක් බොඳ වී ඇත. මොබයිල් ෆෝනයකින් ගත් ඡායාරූපයක් බැවින් විය යුතුය. ඈ එහි අව් කන්නාඩි පැලඳ සිටී. නමුත් ඒ ඈ බව දැනගැනීමට මට අපහසු නොවිණි. ඉන්පසු මා ලොගවුට් වී මගේ වැඩ කිරීමට පටන් ගත්තෙමි. නමුත් ඈ මැවී පෙනීම නැවැත්විය නොහැකි විය. 
                  අද අඟහරුවාදාය. ය. පෙර දින කීපයේම මා මේනු ඔන්ලයින් දු‍ටුවේ නැත. නමුත් ඈ ඔන්ලයින් ඇවිත් තිබෙන බව දු‍ටුවේ ඈ මගේ වෝලයේ කාන්තාවක් ලමයෙකු වඩාගෙන ස්වාමියා සමග සිටින පින්තූරයක් දමා ඇති බැවිණි. 


                 මා ඕෆ්ලයින් චැට් දමා ගියෙමි. ඈ පැමිණි විට ඈද එසේ කොට ඇත. අද මා වැඩට යා යුතුය. එනිසා ෆේස්බුක් ලොග් වීමට වෙලාවක් නොමැත.                 මා පන්තියට යන විට දිනූ පැමිණ ඇති බව දුටිමි. නමුත් ඈ සමග දොඩමලු වීමට මට කාලයක් නොමැත. මා පන්තිය පටන් ගත්තෙමි. අද කට්ටියට ප්‍රසන්ටේශන් එකක් තියෙනව. මතකයිනේ. පන්තිය අතරතුර මා සිසුන්ට මතක්කොට දුන්නේය. වෙලාව දැන් දහවල් 1 පමණ විය. 

දැන් ප්‍රසන්ටේශන් කරන්න ලෑස්ති වෙන්න. බොර්ඩ් එක යූස් කරන්න පුලුවන් ඕන කට්ටියට. හැබැයි වැරදියට අඳින්න එහෙම එපා ඩයග්‍රම්. අද ලකුණු දෙනවා. 

                 එක එක්කෙනා ප්‍රසන්ටේශන් කරන්නට පටන් ගත්තේය. කිහිප දෙනෙක් අවසන් වූ පසු වේදිකාවට පැමිණියේ දිනූ ය. ඊට පෙර ආ කිසිවෙකු වයිට් බෝඩ් එක යූස් කලේ නැත. නමුත් ඈ එක්වරම වයිට්බෝඩ් මාකර් එක අතට ගත්තාය. ඈ එකින් එක විස්තර කරන්නට පටන් ගත්තාය. පෙර අයගේ මෙන්ම ඈ ද විස්තර කලේ වැරදි ඇතිවය. නමුත් එය මට පෙර අයට සේම එතරම් ලොකුවට ගනන් ගත යුත්තක් නොවිණි. නමුදු ඈ ඇඳි ඩයග්‍රමය තනිකරවම වැරදිය. ඈ සියල්ල විස්තර කල අවසන් වූ පසු මා දිහා පූස් පැටියෙකු සේ යටින් බලා සිටියාය. 

                 මොකක්ද ඔය ඇඳල තියෙන්න. ආහ්. ඕක වැරදියි නේ

               මා වැරදි එකෙන් එක විස්තර කිරීමට පටන් ගත්තේය. ඇගේ ඇස් රතු වීගෙන එනවා මා දු‍ටුවෙමි. මා වහාම කියාගෙන ආ දේවල් නැවැත්තුවෙමි. ඈ වේදිකාවෙන් බැස ගියාය. නමුත් පන්තියේ සිටි මැටි කොල්ලෙක් ඈට හූ කිව්වා මට ඇසුණි. මා ඒ යස්ස පැටියාට බැනවැදී ඊලඟ කොලුවා වේදිකාවට ගත්තෙමි.

             
             පන්තිය අවසන් වී පැවැත්වෙන සවස පන්තිය පන්තියට දිනූ සිටියේ නැත. ඒ කිමදැයි මා නොදනිමි. එය මා බැනවැදුනු නිසාවූවක් දැයි මට සැක සිතුණි. මා පන්තිය අවසන් වී නිවස කරා පියමැන්නෙමි. සවස් වරුවේ මා ෆේස්බුක් ලොග්වුන පසු එකවරම මේනු මා හට කඩාපැන්නේය. 

දිනූට බැන්න නේද? 
අන්න කෙල්ල හොඳටම අඬනවා. මට අඬ අඬ කෝල් කලා යාලුව ක්ලාස් එකේදි බැන්න කියල. මං ඔයාව අල්ලගන්න ආවෙ.  

                 කුමක් කියන්නදෝ මට නොසිතුණි. මං කරගත්ත දෙයක් යැයි මට සිතිණෙ එවිටය.

9 comments:

  1. ඇයි හත්වලාමේ උගන්නන්නයි වෙන ගෑනුංගෙං බැනුං අහන්නයි ඇහැක්ද??
    ඔන්න ඔය මගුල් ක්ලාස් එක නවත්තලා දහං..

    ReplyDelete
    Replies
    1. ආසයි නේ. ;) ඒම බැනුං අහන එකෙත් මහ ගුජුප්සාජනක ගතියක් තියෙනව බං

      Delete
  2. බැනුම් අහගෙන. ගුටි කාගෙන, කොරපුවා ඉතුරු ටිකත් දාන්නකෝ.... :පී

    ReplyDelete
    Replies
    1. හි හී. අනිවාර්යෙන්ම සහෝදරයා

      Delete
  3. hane hane ohoma genu lamainta sara karanawada appa.....paw eya.mama wage othana hitiyanam ethanadima adala iwarai.

    ReplyDelete
    Replies
    1. හෑහ්. අඬන බබා :P සැරයි. ඒත් ඊට පස්සෙ එයාට සැර කලේ නෑ.

      Delete
  4. මම අදයි මේක කියවන්න පටන් ගත්තේ. ගොඩාක් රසවත් කතාවක් වගේ. ඉතුරු ටිකත් දැනගන්න බලාගෙන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි. දිනෙත්ගෙ ජීවිතයට 9 ඉලක්කම ගොඩක් සම්බන්ධයි. ඒක නිසා විසිරුණු සුළං 9 ඉඳන් මහා අමුතු විදියකට ලියවෙයි

      Delete
  5. කව්ඩ දෝ ඩිනූත තූ කීපු යත්ත පැතියා

    ReplyDelete