Friday, July 6, 2012

විසිරුණු සුළං III

පලවෙනි සුලඟ වැදුනෙ නැත්තං මෙතනින් කියවන්න 
දෙවනි සුලඟ වැදුනෙ නැත්තං මෙතනින් කියවන්න
 
                  පාඩම පටන් ගෙන ටික වේලාවක් ගතවිය. මා සෙමින් සෙමින් පාඩම සිසුන්ට නොදැනීම ගැඹුරු හරාත්මකව තේරුම් ගතහැකි ලෙසට උගැන්වීමට වෙර දරමින් සිටී.


"හරි. දැන් මට මේ ප්‍රෝගෑම් එක ගහල ඕන."


                   උගැන්වූ සියල්ල පදනම් කොටගෙන සියලු දෙනාට කිරීමට කාර්යයක් පැවරූ මා වේදිකාව මතවූ පු‍ටුවේ හිඳගත්තෙමි. එක්වරම මාගේ දෑස දිවගියේ දුඹුරු කහ පැහැ බ්ලවුසයක් හැඳගත් දැරිවියක් වෙතය. දු‍ටුවන්ගේ නෙත් දෙවරක් බලන්නට තරම් ඇය සුන්දරයැයි මට සිතුණි. මා මේ මොනවදෝ හිතන්නෙ. මා හට පිස්සුද? තවත් ඈ දිහා බලා සිටීම අතහැර දැමුවෙමි.


                  නමුත් ඇස් මට අවනත නොවේ. ඒවා ඈ දෙසටම යොමුවේ. ඇගේ කහ දුඹුරු පැහැ ඇඳුම ලෙස් දු‍ටු මා දු‍ටුවේ වැරදිලාය. එය දුඹුරු පැහැ බ්ලවුසයකි. එහි කහ පැහැ ලොකු බෝල ඇත. කලු පැහැ ඩෙනිමකින් ඈ සැරසී ඇත. කොන්ඩය ස්ට්‍රේට් හෝ වෙනයම් යමක් කර ඇත. කොටින්ම කියනවානම් ඈ ජපන් බෝනික්කෙකු හා සමාන කල හැක.


                  මා මේ ඉන්නේ වේදිකාව මත බව මට මතක් වූයේ ටික වේලාවක් ගිය පසුවය. දුන් කාර්යය නිමකිරීමට දැන් වේලාව වැඩිත් එක්කය. තවදුරටත් ඈ දෙස බලාසිටියහොත් පන්තියේ අනිත් සිසුන් දකිනු ඇතැයි මාගේ හිතට බියක් සහ සියුම් ලැජ්ජාවක් මතුවිය. වහාම පු‍ටුවෙන් නැගිට මා යලු පාඩම පටන් ගත්තෙමි.


"හරි හරි. දැන් වෙලාව ඇති. කරල ඉවරද?"




                  වේලාව දැන් 11.30  පමණ වී ඇත. අද අවසානයේ සිසුන්ට කණ්ඩායම් ඉදිරිපත්කිරීමක් ඇති බව මා හට මතක්විය.දැන් එයට වේලාව හරිය.


"හරි. දැන් මම උදේම කිව්වනෙ ගෲප් ප්‍රසන්ටේෂන් එකක් තියෙනව කියල. දැන් කට්ටිය ලෑස්ති වෙන්න. තව ටික වෙලාවක් දෙන්නම් රෙඩි වෙන්න."


                  ඊට පසු මා කණ්ඩායම් ලඟට ගිහින් තම තමුන්ගේ කණ්ඩායම් වල නම් අසන ලදී. මට වඩා අවුරුද්දක් බාල කෙල්ලන්ට කොල්ලන්ට දුවේ පුතේ කියා කතා කරන්නේ කොහොමදැයි මා හට ප්‍රස්නයකි. ඇතැමුන් මට වඩා වයසින් වැඩිත් එක්කය. කමක් නැත. මල්ලි නංගි කියමි යැයි සිතාගතිමි. එසේ කතාකිරීම නිසා කොල්ලන් ටික බියක් සැකක් නැතුව කතාකලේය. අවසානයේ මා හට නම අසන්නට ඉතිරිවූයේ එක් කණ්ඩායමක් පමණි. ඒ අර මගේ ඇස පිනවූ මොනාලිසාවගේ කණ්ඩායමයි.


"ගෲප් එකේ නම මොකක්ද නංගි ? "

                  එක්වරම ඇගේ පිටිපස්සෙන් ගොස් ඇසූ ප්‍රශ්නය නිසා ඈ තුෂ්නිම්භූත විය. ඇතැම්විට නංගී කිව් නිසාදෝ මන්දා යැයි මට හිතුනි.


"මොකක්ද අයියෙ ඇහුවෙ ? "  ඈ පෙරලා ඇසුවාය.
"ගෲප් එකේ නම."
" ආහ්. කැස්පර්." ඈ තෙපලීය.


                  ඇගේ කටහඬ රාණි මුකර්ජීගේ මෙන් තරමක් දෙදරුම් කන කටහඬහකි. මට එක්වරම හිනාගියේය.





"කැස්පර්". මා හීන් හිනාවක් දමමින් ඇසුවේය
"ඔව් . ඇයි"
" සුදු භූතය කියල දාන්නද? " මා ඇඟට පතට නොදැනී ඇසුවේය


                  ඈ අහිංසක ලෙස හිනාවිය. තවත් ඈ අපහසුතාවයට පත්කිරීමට මා අකමැතිවිය. මා එතැනින් නික්මිණි.


                  කණ්ඩායම් ඉදිරිපත්කිරීමේදී ඇගේ කණ්ඩායමේ නායිකාව ඇගේ නම පවසන ලදී. මේ ඉන්නෙ දිනුනි. මා ඇගේ නම දැනගත්තෙමි. සියලු දේ අවසන් විය. පන්තිය අවසන් කොට මා නැවත ඔපීසියට පිවිසුනෙමි. රෙජිස්ටරය ‍රැගෙන මා පි‍ටුවෙන් පි‍ටුව පෙරලුවෙමි. එක්වරම මා ඇගේ ඡායාරූපය දු‍ටුවෙමි. එය බොහෝ සුදු ඡායාරූපයකි. ඇතැමෙක්ට එය ලයිට් 10-15ක් දමා ගත්තක් සේ සිතුනද වැ‍රැද්දක් කිව නොහැකි තරම් ඈ එහි සුදුය. මා නම යලි බැලුවෙමි. මට ඇසී තිබූ නම වැරදිය. ඇගේ නම දිනුනි නොවේ. ඈ දිනූ ඉමේශා අත්තනායක නම්විය.


                  දිනූ ඉමේශා අත්තනායක... දිනූ ඉමේශා අත්තනායක... දිනූ ඉමේශා අත්තනායක... මන්තරයක් මතුරන කට්ටඩියෙකු මෙන් මේ නම මතුරමින් මා පාර දිගේ නිවස කරා පියමැන්නේමි.





8 comments:

  1. casperrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr :P
    boralu ayyath nikan idala naha ehenam :P

    ReplyDelete
  2. Replies
    1. ආව් ;) තැන්කූ සුදු බෝනික්කි

      Delete
  3. හැපෝ...
    අද කාලේ ළමයෙක්ට පංතියකට ගිහිං ඉගෙන ගන්න නෑනේ මේ වගේ ගුරාලා ඉන්න නිසා....
    එල එල ඈ...
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ගුරු මුට්ටිය කියන්නෙ ඕකට මචෝ

      Delete
  4. ටඩි බොලලු ගෙන් කැසිපර් නන්ගිත ඉනාවක් ඩුන් නැටෙයි??

    ReplyDelete