දිනූ සහ මම වෙරළේ ඈත කොනක වාඩිවී සිටී. ඈ දෑස පියාගෙන, මගේ උරහිස මත හිස තබාගෙන මගේ වම් අතින් අල්ලාගෙන ඇඟිලි නවන්නට උත්සාහ කරයි. එයට මා ඉඩ නොදෙන්නේ කුමකටද. මා ද ඇගේ ආදරණීය හුරතලයට ඉඩදී බලා සිටියෙමි. ඇගේ රීබොන්ඩ් කරන ලද අලංකාර වරලස මගේ මුහුනේ දඟ කරයි. ඒ කෙහෙරැල් සහ ඇගේ මුහුණෙන් හැමූ සුවඳ මට කිසිදා අමතක නොවේයැයි හැඟේ. ඇගේ ස්පර්ශයෙන් පිබිදුනු මා ඈ දෙස බැලීය. ඈ තවමත් මගේ උරහිසේ හිස තබාගෙන සිටී. මා දකුණු අතින් ඇගේ වරලස පීරන්නට තැත් කලේය.
මගේ ඇඟිලි තුඩු ඇගේ වරලස තුලින් යද්දී ඈ තවත් මට ලංවිය. එක්වරම ඈ ඇස් අරින ලදී. ඈ මගේ මුහුණ දෙස බලාසිටින්නීය. ඇස් කියවන්නට තැත් කරනවාදෝ මට සිතුණි. නමුත් අප දෙදෙනා එකදු වචනයක් හෝ කතා නොකළේය. මෙසේ ටික වේලාවක් ගතවිය. එක්වරම ඈ මට තුරුළු විය. මුළු ලොවම මා සමීපයේ ඇතැයි මට හැඟුණි. ඇගෙන් ලැබෙනා ආදරය කෙතරම්දෝ කීමට මේ තුන්ලෝකයේම මට ප්‍රාමාණිකයක් සොයාගැනීමට නොහැක.
මොකද බං උඹට වෙලා තියෙන්නෙ. ඇයි ඔහොම අප්සට් එකේ ඉන්නෙ.
මා ලඟට පැමිණි චාමික විමසීය. මා සිටියේ මෙලොවින් පිටත බව මට වැටහුනේ එවිටය. දුරකථනය අතට ගත් මා එදෙස බැලීය. වෙලාව දහවල් 1.47ය. අප සිටිනුයේ ගල්කිස්ස මුහුදුවෙරළේය. මෙලොවෙන් පිට ලොවක අතරමං වූ මා දැන් සිටින්නේ ඒ ලොවට මා පිවිස බොහෝ කාලයකට පසුව බව මට මතක් විය. අද 2012 ජූලි 29 වෙනිදාය. අද අපි ගල්කිස්සට ආවේ චාමිකගේ පාටියක් සඳහාය.
මොකද බං උඹ ඔහොම අප්සට් එකේ ඉන්නෙ. ආහ්. ඔහු ආයෙත් මගෙන් විමසීය.
මචං. මම උඹට දෙයක් කියන්නද? මං කිසිම කෙනෙකුට කියපු නැති දෙයක්.
පාටිය ඉවරවෙලා කියන්නම් මචං.
හ්ම්ම්. හරි.
steam boat හී දි දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අප මුහුදු වෙරලේ වාඩිවී සිටියෙමු. ඇතමෙක් පිස්සුවක් කෙලීමට ඕනෑ යැයි කියමින් හතර වටේ ඇවිද්දේය. චාමික මා අසලට පැමිණ වාඩිවිය. හරි. දැන් කියපං කතාව.
සියල්ල ඇරඹුනේ එදින මා ඈට බැනවැදුනු දිනයේය. එදින මා ඈට සැබවින්ම සිදුකලේ බැනවැදීමක් නොවේ. ඇගේ ඩයග්‍රමයේ වරදක් පෙන්වාදීමකි.
දිනූට බැන්න නේද? අන්න කෙල්ල අඬනව.
Dineth Gamage
apo
eki kelam mallak ne
Menu Peiris
ai apooo... paw dinu aduwa dr... oya eyata hamoma issaraha
mokak hari1kata waradi katawak kiwwada
Dineth Gamage
anduwa
mama call karala ahannada?
oya boru kiyanne
Menu Peiris
mother promise!!!! aduwa cl kara kara
Dineth Gamage
hari ekakata waradi kathwak
eke mokakada hari
Menu Peiris
mokak?
Dineth Gamage
bannata mama ekata lakunu dunna ne
w . eki andala thibba eke mokakda hari
waradi kiwwe ai kiyalath ahanawa thawa?
Menu Peiris
mama ewa dan na... mama eka dan na ane.. kawada oyalage sir
kenekmai adala dila tiyenne.. dinu eka balagena karala
tiyenne... hamogema ewa hari kiwwalu.. a lamayage 1 waradi
kiwwalu... pirimi lamai wagayak hina wela... paw wade.. ayt clz
yannet na kiyala
Dineth Gamage
mama ahannada eyagen?
affata siri
Menu Peiris
ahanna.......
paw haloooooo
kata wada karanna epa
Dineth Gamage
mama ehemnm butter parak gaaaannm
දිනූව ශේප් කරගැනීමට යැයි සිතා sms එකක් යැවීමට මා සිතාගත්තේ එවෙලේය. විශේෂයෙන්ම හවස පන්තියට නවතින ඈ එදින නැවතුනේ නැත්තේද එනිසා යැයි මට හැඟුණි. ඈ ඉදිරියට පන්ති නොපැමිණෙනු ඇතැයි මේනු කී කතාවද මා හට කටු අනින්නාක් මෙන් විය. නමුත් කුමක් කියා ඈ වෙත sms එකක් යවන්නදෝ මා හට නොතේරුණි. ඒ අතරතුර මා සිටිනුයේ තවමත් මේනු සමග සංවාදයේය.
Menu Peiris
ane man dan na
apoooooooo ai oya dinu ekka ochchara taraha? eya oyata mokadda kare? paw nadda?
Dineth Gamage
dan kiwwe deiyane. waradi nisa waradiy kiwwa
wena tharahak na
Menu Peiris
a unata oya hariyata kata karanne dinu oyata mokak hari kara wagene
oya anit lamainta ehema karala nahane
Dineth Gamage
oya kohomada affa ochchara dewal dannne
nikan clz eke innawa wage ne kathawa
Menu Peiris
ehema tama... hari??????????
apita oya hama taninma roiter news enawa harida?
ඈ මෙපමණ දේවල් දන්නේ කෙසේදැයි මා හට එදින සැක හිතුණි. එහෙත් ඒ සැකය එදින මගේ හිතේ උඩුදිව්වේ නැත්තේ දිනූ අඬනවායැයි යන හැඟීම හිත තුල මුල්බැහැගත් නිසා විය යුතුය.
දිනූට යවන්නට අවශ්‍ය මැසේජය විනාඩි 20ක් පමණ ගතකොට ලියන්නට මා හට හැකිවිය. ලඳ බොලඳ වචන දමා මැසේජ් කිරීම එකල මට පුරුදු නැත. විශේෂයෙන් අඬන ගෑනුලමයෙකු නලවා මට කිසිදු පලපුරුද්දක් තිබුනේ නැත.
" oya gedara
gihin anduwada? mama clz ekedi banne na ne. hawasa class ekata hitiye
naththeth ekada? waraddak nam wune sorry dinu..."
විනාඩි දෙකකින් පමණ මා හට reply එකක් පැමිණියේය,
"its ok sir. dan eka mathaka na. menu akki da kiwwe. "
මා ඉගැන්වීම වලින් බාහිරව ඈ සමග දෙයක් කතාකරේ පලමු වරයට. තවත් මැසේජ් 3-4කින් කතාව අවසන් කිරීමට මා හට හැකිවිය. නමුත් එදින මා තුල ඈ පිළිබඳව හටගත් හැඟුම විස්තර කිරීමට අදටත් මට නොහැකි බව මා දනී.
මේනුගේ හා මගේ සංවාදය නැවතී දැන් පැය පමණ ගතවී තිබුණි. ෆේස්බුකියෙන් ලොගවුට් වීමට සිතා මා සිතුවෙමි. නමුත් එක් වරම 'බ්ලිප්' ලෙස ශබ්දයක් ඇසුණි. ඒ ෆේස්බුක් චැට් එකේ ශබ්දයයි. මා ඒ කවුරුන්දැයි බලන ලදී. දිනූගේ නම හඳුනාගැනීමට මට වැඩි වේලාවක් ගියේ නැත.
Imesha Aththanayaka
hy
Dineth Gamage
hi
gedara gihin sirawtama anduwada??? :O
akka kiwwa mama banna kiyala gedara gihin ganga galuwa wage anduwa kiyala
Imesha Aththanayaka
eyawa mama balagannam. on nathi magulak na eyata
උඹටත් මරු වැඩනෙ බං වෙන්නෙ.චාමික එක් වරම සිනාසුනේය. මටද සිහින් සිනාවක් නැගුණි. එහෙත් එය නොපහන් හැඟුමක් පුබුදුවීම යටපත් කරගත් ව්‍යාජ එකක් බව දන්නෙ මා පමණි.
අඩෝ. බොමුද? සතා මා ගාවට පැමිණ විමසීය. හ්ම්ම්. එල. මා වෙරලෙන් නැගීසිටියේය. අතීතයේ මා කට ඇර පෙව්වද බොන්නේ නැතැයි කියා සිටි පුද්ගලයෙකි. නමුදු දිනූගේ කතාවෙන් පසු එය මට සුළු දෙයක් බවට පත්විය.
හ්ම්ම්. එහෙනම් එතනට යමන්කො. එතනට ගිහිල්ලම කියපං ඉතුරුටික.
චාමිකද මා පසුපසින් පැමිණියේය. ඒ පියවර තබන අතර තුර මහමුහුද දෙස බැලූ මට එය මහා පාලු දුපතක් සේ දිස්විය. ඒ අතරින්ද මට දක්නට ලැබුනේ දිනූගේ රූපයයි. අසල තිබූ තැඹිලි කඩයක දමා තිබූ රේඩියෝවක ගීතයක් වාදනය අතුරින් අප තිදෙනා නැවතත් steam boat වෙත පියමැන්නෙමු.
මියුරු කල්පනා - නෙතක දැල්වුනා
අමයුරු රස රසකැන් මැද
අමයුරු රස රසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැලවුනා - වරෙක ලතැවුනා
වරෙක නැලවුනා - වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
සිතක් මැලවුනා